Wednesday, July 09, 2025
Follow Us
ඖෂධ අලෙවිසැල් විවෘතව තැබෙන්නේ මෙහෙමයි

අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට සියලු ඖෂධ හල් ඊයේ(9) සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සහ අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පුර්ණ නිරෝධායනයට (Lockdown) යටත් කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධහල් පෙරවරු 9.00 සිට දහවල් 2.00 දක්වා විවෘතව තැබේ.

ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මිට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන ඇනවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සැලැස්වීමට පියවර ගනු ලබන බවයි ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරන්නේ.