Sunday, April 27, 2025
Follow Us
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට 6 මසක සේවා දිගුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (18) ලබාදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ජුනි මස 22 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම සේවා දිගුව වත්මන් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තෙවන ඊලාම් යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර, ඉකුත් ජනවාරි මාසයේදී යුධ හමුදා මාණ්ඩලික නිලධාරී තනතුරට පත්කරනු ලැබුවා.

(Neth)