Wednesday, July 09, 2025
Follow Us
මගී බස්රථ සේවකයන් ඇතුළු තවත් ලක්ෂ 10 ට පන්දහසේ දීමනාව

තවත් පවුල් ලක්ෂ 10 ක් සඳහා රුපියල් පන්දහස බැගින් වූ විශේෂ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මේ වනවිට අදාල දීමනාව ලබාදෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 54 කි.

ස්වයං රැකියා ආදී රැකියාවල නියුතුව සිටි, සහන ලැබිය යුතු මට්ටමේ සිටින පුද්ගලයන්ගේ පවුල් මේ සඳහා තෝරා ගන්නා අතර ග්‍රාම නිළධාරීවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා එම පවුල් පිළිබ ඳව සලකා බැලීමට නියමිතය.

මේ අතර මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවල නිරත පෞද්ගලික බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටද අදාල දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි.

(LNW)