Thursday, March 26, 2026
Follow Us
මහා සිකුරාදා-පාස්කු ඉරිදා දේව මෙහෙයන් රූපවාහිනිය ඔස්සේ

හෙට (10දා) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත්වීමට තීරණය කර ඇතිබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

මිට පෙර 1971 කැරැල්ල නිසා එම වසරේද මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පවත්වා නැති අතර ඉන් පෙර මෙම දේව මෙහෙයන් මෙරට නතරකර ඇත්තේ දෙවන ලෝක සංග්‍රාම සමයේ දී පමණි.

මහ සිකුරාදා දේව මෙහෙය 10වැනිදා පස්වරු 3.00 ට සහ පාස්කු ඉරිදා දේව මෙහෙය ඉරිදා (12) පෙරවරු 7.00 ට සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය වන අතර මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙය අද(9 දා) පස්වරු 4.45 ටද 11 වැනි සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙය රාත්‍රී 10.00 ටද සජීවීව රූපවාහිනී සේවාවන් ඔස්සේ විකාශනය කරන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන් වැඩිදුරටත් පැවැසීය.

(Aruna)