Thursday, March 26, 2026
Follow Us
රථ වාහන දඩ ගෙවන්න තැපෑලෙන් සහන කාලයක්

ස්ථානීය රථ වාහන දඩ මුදල් ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගිය මාර්තු මස පළමුවැනි දින හෝ ඊට පසුව පොලිසිය විසින් නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් අය නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල් සහ උපතැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරි වෙනුවෙන් වෘත කිරිමෙන් පසු සහන කාලයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.‍

(Aruna)