Wednesday, July 09, 2025
Follow Us
නිරෝධායනය කාල සීමාව දින 21 දක්වා වැඩි කරයි

නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි . නමුත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තවද නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා නිරෝධායනය කරන පුද්ගලයන් යොමු කිරීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. මෙතෙක් කල් නිවෙස්වලට යොමු කළ පිරිස මෙලෙස පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කර නොමැත.

(Lanka Leads)