Tuesday, February 10, 2026
Follow Us
සාෆිට එරෙහි පැමිණිලි ගණන 1000 ඉක්මවයි

වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන් මහතා විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17 වැනිදා) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දින තෙක් කුරුණෑගල රෝහල වෙත පැමිණිලි 8 ක් ලැබී තිබූ අතර ඒ අනුව මේ වන විට කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 827 කි.

මේ අතර දඹුල්ල රෝහල වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 180 ක් බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන් මහතාට එරෙහිව සිංහල මවුවරුන් විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ඉකුත් මැයි මස 26 වැනිදා සිටය.

(Giraya)