Wednesday, July 09, 2025
Follow Us
ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

නිරෝධායන කි‍්‍රයාවලියට සම්බන්ධ වූ තවත් පිරිසක් අද (05) දිනයේ සිය නිවෙස් බලා පිටත්ව යන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු සමග සමීප ඇසුරක් පවත්වා ඇතැයි ඊයේ (04) සවස ලැබුණු තොරතුරු අනුව පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 45 දෙනෙකු අද (05) අලුයම වන විට පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත දින 14ක නිරෝධායන කටයුතු සඳහා ඇතුළත් කර තිබෙනවා.

(Neth)