Tuesday, July 08, 2025
Follow Us
දඹුල්ල ආර්ථිකය හෙට සහ අනිද්දා වැසේ

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

(Aruna)