Friday, February 06, 2026
Follow Us
කොරෝනා මැද්දේ උදයංග වීරතුංග ඇප මත නිදහස් !

මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතාව මුදාහරින ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

අධිකරණය මඟ හරිමින් විදෙස්ගතව සිටි උදයංග වීරතුංග මහතා පසුගිය පෙබරවාරි 14 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ඔහු පසුදින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලදුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. කෙළින්ම බන්ධනාගාර රෝහලට ගෙනගිය ඒ මහතාව පසුගියදා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ද ඇතුළත් කරගෙන තිබිණි.

(LNW)