Friday, September 19, 2025
Follow Us
කොවිඩ් -19 අවසන් වනතුරු හජ් වන්දනාව තහනම්

වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් – 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත. සවුදි අරාබියේ හජ් සහ උම්රා ඇමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

සාමාන්‍යයෙන් ලොව පුරා මිලියන දෙකයි දශම පහක පමණ පිරිසක් ජූලි මස අවසානයේදී හජ් වන්දනාව සඳහා මක්කම සහ මදීනා වෙත පැමිණෙති. හජ් වන්දනාකරුවන්ට සියලුම පහසුකම් සැපයීමට සෞදි රජය සූදානමින් සිටියත් තම රටේ සහ ජනතාවගේ සහ ලොව පුරා සමස්ත ඉස්ලාම් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සිතා සෞදි රජ මාලිගය විසින් හජ් වන්දනා සමය කල් දැමූ බව ඇමැති සලේ බෙන්ටන් කියා සිටියි.

සෞදි අරාබිය මේ මොහොත වන විටත් පිටස්තර කිසිවෙකුට තම රට තුළට පිවිසීම සම්පූර්ණයෙන් ම අවහිර කොට ඇත.

(Aruna)