Monday, May 18, 2026
Follow Us
කොවිඩ් රෝගීන් 2000ක් සදහා සෞඛ්‍ය අංශ සූදානමින්

කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

දැනට රෝගයේ ව්‍යාප්තිය පුරෝකථනය කරමින් මෙම සංඛ්‍යාව ගණනය කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (2 වැනිදා) අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

අප්‍රේල් 01 වැනිදා වන විට රෝගයේ පැවති ව්‍යාප්තිය අනුව අප්‍රේල් 05 වැනිදා වන විට රෝගීන් 163 ක්ද, අප්‍රේල් 17 වැනිදා වන විට රෝගීන් 340 ක්ද වාර්තා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.


(Lanka Leads)