Friday, October 18, 2024
Follow Us
මුස්ලිම් නොවන අය මරා දාන්නැයි කුරාණයේ කියා නෑ. මේක බොරුවක් - ෆාසිල් මවුලවි

මුස්ලිම් නොවන පුද්ගලයින් මරා දමන ලෙස කුරාණයේ සටහන්ව ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එවැන්නක් කුරාණයේ සඳහන්ව නොමැති බවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප්‍රකාශක ෆාසිල් ෆාරුක් මවුලවිවරයා පවසයි.

කුරාණයෙහි වැකි හය දහස් හයසිය හැට හයක් ඇති බව පැවසූ‍ මවුලවිවරයා ඉන් වැකි 27ක් ඇතැමුන් විසින් සමාජය ඉදිරියෙහි වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි සඳහන් කළේ.

ඉස්ලාම් ධර්මය පිළිබඳව ජනමාධ්‍යයෙන් ඉගෙන නොගන්නා ලෙසත් ඒ පිළිබඳව මුස්ලිම් වියතුන්ගෙන් අසා දැනගන්නා ලෙසත් ෆාසිල් මවුලවිවරයා ඉල්ලා සිටියේය.

මවුලවිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) කුරුණෑගලදී "ජාතික හා ආගමික සහජීවනත්වය තුළින් තිරසාර ශ්‍රී ලංකාවක්" මැයෙන් පැවති වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)