Tuesday, July 08, 2025
Follow Us
කොරෝනා උණුසුම අස්සේ මියයන මුස්ලිම්වරුන් වලදාන්න උලමා සභාව විශේෂ තැනක් ඉල්ලයි

මිනිස් වර්ගයාට අහිතකර අවදානම් සහගත වෛරස් ආසාදිත තත්වයක් තුළින් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයෙකු භූමිදාන කටයුතු රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සොහොන් පිටියක සුවිශේෂි ස්ථානයක සිදුකිරීමට සහාය දක්වන මෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලීමක් කරයි.

එම සභාවේ ලේකම් අල්සෙයික් එම්.එල්.එම්. ඉල්යාස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොරෝනා වෛරසය හේතුවෙන් පසුගියදා මිය ගිය මුස්ලිම් පුද්ගලයාගේ ආදාහන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් දක්වන විවිධ අදහස් ගැන කරුණු දක්වමිනි.

(Lanka Leads)