Friday, October 18, 2024
Follow Us
විදුලි පාරිභෝගිකයන්ට App එකක්

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (17) හඳුන්වාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

මේ ඔස්සේ විදුලි බිල්පත් ගෙවීම්, විදුලි කප්පාදු පිළිබඳ දැනුම්දීම්, පැමිණිළි ආදී අංශ රැසක් පිළිබඳව සේවා ලබාගත හැකි බවයි සඳහන් කෙරුණේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා. වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙහි අරමුණ වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමගාමීව, විදුලි පාරිභෝගික සේවාවන් වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් පාරිභෝගිකයන් වෙත ජංගම දුරකතන මෘදුකාංගය හදුන්වාදීම, විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණු ඇති.

(Neth)