Sunday, January 25, 2026
Follow Us
ජාත්‍යන්තරය ඉදිරියේ යුද හමුදාවේ ගෞරවය රැකීමේ අවශ්‍යතාව යුද හමුදාපති පහදයි

දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාව අත්කර ගෙන ඇති ගෞරවය සහ පිළිගැනීම ඉදිරියටත් එලෙසින්ම පවත්වාගෙන යාමට සියළු රණවිරුන් සිය රාජකාරී ඉටුකළයුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදා විශේෂ කාර්ය බලකායේ 23 වන රෙජිමේන්තු සංවත්සරය නිමිත්තෙන් නාවුල, කොහොලන්වල යුද හමුදා විශේෂ කාර්ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවය අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සදහන් කළා.

(Neth)