අධිකරණය වරෙන්තු ලබා සිටියදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අධිකරණයට අපහාර කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම ව සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා නිකුත් කළ විවෘත වරෙන්තු අනුව ඥානසාර හිමියන් ඊයේ (03) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.