බුත්තල මොණරාගල ප්රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්රදේශයට අයත් එකොලහ කණුව ප්රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වී තිබේ.
මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහයක බරපතල තුවාල ලබා බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
ඊට අමතරව බස් රථයේ සිටි මගීන් කිහිප දෙනෙකුද සුලු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බව පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.