බස් රථයේ ගමන් කරන විට මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබා ගැනීම අද (01) සිට අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කර තිබේ.
ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියෙක්ට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙයි.