Friday, October 03, 2025
Follow Us
ලෝක ජනාවාස දින ප්‍රධාන සැමරුම් උත්සවය ඔක්තෝම්බර් 05
ලෝක ජනාවාස දින ප්රධාන සැමරුම් උත්සවය ඔක්තෝම්බර් 05 අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

 

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 
 
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වෙනි දිනට යෙදී ඇති අතර එහි තේමාව “නාගරික අර්බුදය කෙරෙහි අවධානය” ලෙස ප්රකාශයට පත්කර ඇති බවත් ඒ අනුව ශ්රී ලංකාවේ නිවාස හා ජනාවාසකරණය නව මාවතකට හැරවීමේ අරමුණ පෙරදැරිව, මෙවර ජනාවාස දිනය “තමන්ගෙම තැනක්-ලස්සන ජිවිතයක්” යන ‌තේමාව යටතේ සැමරිමට කටයුතු සුදානම් කරමින් පවතින බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
 
ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝම්බර් 01 – 05 දක්වා ජනාවාස සතියක්ද ප්රකාශයට පත්කර ඇති අතර ඒ අනුව පහත සඳහන් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
 
ඔක්තෝම්බර් 01-ජාතික සමාරම්භය
ඔක්තෝම්බර් 02-ජනාවාස සංස්කෘතික දිනය
ඔක්තෝම්බර් 03-ජනාවාස හා තාරුණ්ය දිනය
ඔක්තෝම්බර් 04-සහජීවන ශ්රම හුවමාරු දිනය (අසල්වැසි අත්තම)
ඔක්තෝම්බර් 05-ජනාවාස කතිකාව, ප්රදර්ශනය සහ සමාප්ති උළෙල