සියලු සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය අංග පිළිබඳ සරල අවබෝධයක් සහ හඳුනාගැනීමක් සියලු ශ්රී ලාංකික සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ තුළින් අන්යෝන්ය ගෞරවය සහ සැබෑ සංහිඳියාව ඇති වන බවත් ඉස්ලාම් ආගමික උපදේශක මණ්ඩලය අමතමින් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුුුුවාය.
පාසල් පාදක ක්රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්යාපන ප්රතිසංස්කරණවල අරමුණක් වන බවත් නව අධ්යාපන ප්රතිසංස්කරණවලින් අනතුරුව සිසුන් ක්රියාකාරකම් මූලික අධ්යාපන ක්රමවේදයක් සඳහා යොමු වීම හරහා ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්යාපනය ද ක්රියාකාරකම් පාදක වනු ඇති බවත් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවා ය.
සිංහල මාධ්යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳ කරන ලද යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්යාලේඛන විමසා බලා දත්ත මත පදනම් ව අවශ්යතාව අනුව බඳවා ගැනීම් කළ හැකි බව ද අමාත්යතුමිය මෙහි දී ප්රකාශ කළා ය.