Friday, September 26, 2025
Follow Us
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ජනතා අයිතියට
ප්රාථමික ප්රතිකාර සේවාව ජනතාවට වඩාත් සමීප කිරීමේ අරමුණින් ආරම්භ කළ ආරෝග්යා සුවතා මධ්යස්ථාන ව්යාපෘතියේ පළමු මධ්යස්ථානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (26) ගාල්ල දිස්ත්රික්කයේ, මාපලගමදී ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ව්යාපෘතියේ පළමු අදියර ලෙස මධ්යස්ථාන දහසක් රට පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන අමාත්යවරයා සඳහන් කරයි.
 
නව රජයේ HEALTHY SRI LANKA - “සුවපත් රටක් උදෙසා” ව්යාපෘතිය යටතේ ක්රියාත්මකවන මෙමගින් මෙම වර්ෂය තුළ දී ප්රාථමික සෞඛ්ය සත්කාර මධ්යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිතය. ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්රාථමික සෞඛ්ය සත්කාර මධ්යස්ථාන මගින් මූලික ප්රතිකාර වලට අමතරව රෝග වැළැක්වීම සඳහා වන සේවාවන්ද සැපයෙනු ඇත.
මෙම මධ්යස්ථානය මඟින් මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට සුව සේවාවන් ලැබෙනු දෙනු ඇත.