Wednesday, April 29, 2026
Follow Us
කතරගමට වැඩබලන බස්නායක නිලමේවරයෙක්

රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ, වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිළ කාලය අදින් අවසන්වීම හේතුවෙනි

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන්නේ  මාස 3ක් ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි.