පස්වන වරටත් සංවිධාන කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ තරඟාවලිය රටවල් අටක සභභාගීත්වයෙන් ත්රීකුණාමලයේ දී සාර්ථකව නිමාවට පත් වෙයි.
ත්රීකුණාමලය, නාවික හා සාගරික විද්යාපීඨය මඟින් පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්රා තරඟාවලිය, 2025 අගෝස්තු මස 20 සිට දින හතරක් (04) ත්රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේ දී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්රාහකයන් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම, 2025 අගෝස්තු 23 දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්රී ලංකා රුවල් යාත්රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්ෂණය යටතේ පැවති මෙම තරඟාවලියේ Cup Championship තරඟ ඉසවුව යටතේ Laser, Enterprise සහ Open Championship වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා ඕස්ට්රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ඕමානය, පකිස්ථානය සහ ශ්රී ලංකාව ඇතුළු රටවල් අටක (08) නාවික හමුදා විද්යාපීඨ නියෝජනය කරමින් නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන් ඇතුළු තරඟ කරුවන් තිස්තුන් දෙනෙකු (33) සහභාගී විය.
තරඟාවලියේ විශේෂිතම අංගය වන Cup Championship කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දියානු නාවික විද්යාපීඨ කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර, එම කාණ්ඩයේ දෙවන ස්ථානය පකිස්තානු නාවික විද්යාපීඨ කණ්ඩායම විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ශ්රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.
Laser (ILCA 6) කාණ්ඩයේ පළමු ස්ථානය ඉරාන නාවික විද්යාපීඨයේ ශිෂ්ය භට නිලධාරී Ali Fazeli Najafabadi විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්යාපීඨයේ ශිෂ්ය භට නිලධාරී Indushankar Vardanik විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ස්ථානය ඕස්ට්රේලියා නාවික විද්යාපීඨයේ මධ්ය නිලධාරී Maddison Mandy Markey විසින් දිනා ගැනීමට සමත් විය.
Enterprise කාණ්ඩයේ පළමු ස්ථානය පකිස්ථානු නාවික විද්යාපීඨයේ Syed Sakhir Ali Shah සහ Muhammad Shaaf Afzal යන ශිෂ්ය භට නිලධාරීන් විසින් දිනා ගන්නා ලදී. එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්යාපීඨයේ Himanshu සහ Boddapu Harish යන ශිෂ්ය භට නිලධාරීන් විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය නාවික හා සාගරික විද්යාපීඨයේ HMKM Bandara සහ RPDS Theekshana යන ශිෂ්ය භට නිලධාරීන් විසින් දිනා ගැනීමට සමත් විය.
Open Championship කාණ්ඩයේ පළමු ස්ථානය ඉරාන නාවික හමුදාවේ මධ්ය නිලධරී Mohammad Navidi විසින්ද, දෙවන ස්ථානය ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් දිනිදු ද සොයිසා විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් දමේෂ් පියමාල් විසින් දිනා ගැනීමට සමත් විය.