තැපැල් වර්ජකයින් හා ඇමැති අතර අද සාකච්ඡාවක් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.