ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2025 ඊයේ (22) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම වර්ෂයේ දී ජනමාධ්‍යවේදීන් 61 දෙනෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර පුහුණු පාඨමාලා මඟින් තම ජනමාධ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වේ.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණ ශිල්පීන්ට යළි නොගෙවන පදනම මත මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.
උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද, කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, උසස් ඩිප්ලොමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක මුදලක් මෙම ශිෂ්‍යත්වලාභීන්ට ලබා දෙන අතර මේ සඳහා රජය රුපියල් මිලියන හතක මුදලක් වෙන් කර ඇත.