Monday, August 11, 2025
Follow Us
හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින් හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්
සෞඛ්ය සේවකයෙක් යනු රජයේ සේවකයෙකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා පවසයි.

ශල්ය වෛද්ය ක්ෂේත්රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගෙන ගනු ලැබිණී.

ඊට අදාළ උත්සව අවස්ථාව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විඡේමුණි මහතාගේ ප්රධානත්වයෙන් අද (11) ජාතික රොහලේ Neuro Trauma ශ්රවණාගාරයේ දී පැවැති අතර, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ‌යේ අධ්යාපන, පුහුණු හා පර්යේෂණ අංශය (Education Training and Research (ET&R) මගින් මෙම වසර 02 ක පුහුණු පාඨමාලාව ක්රියාත්මක කරනු ලබයි.
 
මෙරට 1953 සිට හෘද ශල්යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිට වෛද්යවරුන් මෙම තනතුරේ වගකීම දරා ඇත. එහෙත් මෑත කාලිනව (1980) මෙම තනතුරට වෙනම ම නිලධාරින් බඳවාගෙන ඇති අතර, වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරින් 40 ක් පමණ මෙරට සේවයේ නිරතව සිටී. එසේ වුව ද එම තනතුරට අදාළව නියමිත පුහුණුවක් මෙරට දී ලබාදීමේ වැඩපිළීවෙළක් නොතිබුණු අතර, හෘදපෙනහළු නිවේශක සංගමයේ අඛණ්ඩ ඉල්ලීමකට අනුව එම පුහුණු පාඨමාලාව ලබාදීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගනු ලැබීය.