Monday, August 11, 2025
Follow Us
දේශීය හැඳුනුම්වලට විදේශිකයින්ට දුම්රියේ යන්න බැරි වෙලා

මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඔ්ඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි පීඩාවට පත් වූ බව වාර්තා වෙයි.

ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතැම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික හැඳුනුම්පත් අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඔ්ඩිසි දුම්රියෙන් ගමන කිරීමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා දුම්රිය සාමානධිකාරිවරයා විසින් පසුගිය ජුලි 30 චක්‍රලේඛනයක් හා උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.