ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය පැවසුවයා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එතුමියගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාව සඳහා පැමිණ සිටි ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් පවතින බවයි. විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා පසුගියදා පත් කළ නිලධාරීන් 6 දෙනෙකු අතරින් 5 දෙනෙක් නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පත්වීම් ලබාදීමේදී නිලධාරීන් සම්බන්ධ මානුෂීය කරුණු පිළිබඳවද සලකා බැලිය යුතු බව මෙහිදී සාකච්ඡා විය. එසේම සේවා අවශ්‍යතාවය පිළිබඳවද නිලධාරීන් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යතු බව මෙහිදි අග්‍රාමාතයවරිය පෙන්වා දුන්නාය.
එසේම ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් සැලැස්මක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පිළියම් සකස්කරමින් සිටින බවත් ගරු අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. තවද ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා මානුශීය කරුණුද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව ගරු අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
මීට අමතරව ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් බලා දුන්නාය. එසේම මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනු කාරක සභා 6 හි ප්‍රගතිය සම්බන්ධයෙන්ද අදාළ අනු කාරක සභාවල සභාපතිවරුන් කරුණු ඉදිරිපත් කිරීමද සිදු විය.
මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වූහ.