මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (05) වීථි සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.16ට නැඟෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීමට නියමිතය.