තාවකාලික කාන්තා රැකවරණ මධ්යස්ථානයක් පසුගියදා(29) නුවරඑළියේදී විවෘත කෙරිණි.
ඒ කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල් රාජ් මහත්මියගේ සහ ශ්රී ලංකාවේ ජපන් තානාපතිවරයාගේ සහභාගිත්වයෙන්ය.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය හේතුවෙන් පීඩාවට පත්වන කාන්තාවන් හා දරුවන් රාජ්ය රැකවරණය සහිතව කෙටි කාලයක් රදවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළ තාවකාලික කාන්තා රැකවරණ මධ්යස්ථානවලින් සිදුවන බව අමාත්යවරිය මෙහිදී සඳහන් කළාය.
මේ වනවිට තාවකාලික කාන්තා රැකවරණ මධ්යස්ථාන 10 ක් තිබෙන බවත්, නුවරඑළියේදි ආරම්භකළ මධ්යස්ථානය සමඟ එය 11 දක්වා වැඩිවන බව ද අමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය.