Thursday, July 31, 2025
Follow Us
ධීවර ප්‍රජාවටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්
තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්ෂණ යොජනා ක්රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ.

මෙම රක්ෂණ යෝජනා ක්රමය මඟින් අයහපත් කාලගුණික/දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අර්කමණ්යවීම්වලදී රක්ෂණාවරන ලබාදීම සිදු කෙරේ.

ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ වෙනත් අකර්මණ්යතාවන් සඳහා ප්රතිලාභ සැලසේ. ඒ යටතේ රු.2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12 ක මුදලක වන්දියක් මෙම රක්ෂණ ක්රමය තුළින් හිමි වේ.
 
මීට අමතරව පූර්ණ හා තාවකාලික අකර්මණ්යතාවයන්හි දී වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් ගාත්රයක් අහිමිවීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන්හි දී ඉතා කඩිනමින් වන්දි ගෙවීමටද කටයුතු යොදා ඇත.