Saturday, July 19, 2025
Follow Us
බණ්ඩාරවෙල නායබැද්ද මාර්ගයක් කාපට් කිරීම ඇරඹේ

බණ්ඩාරවෙල නායබැද්ද හරහා ලිප්ටන් සීට් දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඊයේ,(18) සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි

මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 39කි.  දෙස් විදෙස් සංචාරකයන් රැසක් පැමිණෙන මෙම මාර්ගය වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කර නැත. ඉතාමත් සුන්දර ප්‍රදේශයක් වන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස තුන තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ඇත්තලපිටිය විහාරස්ථානයේ විහාරාධිකාරී ගෝස්සේ සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ නායි බැද්ද කතෝලික දේවස්ථානයේ පූජකතුමන් හින්දු කෝවිලේ පූජකතුමන් ,ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුභ්‍රමනියම් ශිවකුමාර් සහෝදරයා ,ප්‍රදේශීය සභා මන්ත්‍රී සරත් සේනානායක  ඇතුලු විශාල පිරිසක් සම්බන්ධ විය.