ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ජනතාවට දැනුම් දී තිබේ.
එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ, ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවය.
එබැවින් ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙසත්, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සදහන් කෙරේ.
කිලෝමීටර 5 ක වපසරයක් තුළ අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වැඩිදුරටත් එම සමාගම දන්වා තිබේ.