Sunday, July 06, 2025
Follow Us
බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ  පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට බර වාහන ඇතුල්වීම හෙට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.

මෙම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අග රදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්ඩායම් කීපයක්ද ආරක්ෂාව සඳහා යොමු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.