Sunday, April 26, 2026
Follow Us
 ජූලි 01 වනදා සිට දරුවන් සිඟමනේ යෙදෙව්වොත් දැඩි දඩුවම්
වයස අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම , වෙළෙදාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16- 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදීම 2025.07.01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්ය හමුවේදී කැබිනට් මාධ්ය ප්රකාශක , සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය

ඒ් අනුව මේ සම්බන්ධව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමටත් ඒ් පිළිබඳව පුූළුල් ප්රචාරණ වැඩපිළිවෙළක් මගින් ජනතාව දැනුවත් කිරීමටත් අපේක්ෂා කෙරේ.