Tuesday, October 06, 2026
Follow Us
උමා ඔය ව්‍යාපෘතියේ ජනතා ගැටලු භාරගැනිම හෙට
උමා ඔය ව්‍යාපෘතියේ නොවිසදුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුනු කැබිනට් අනුකමිටුව හෙට (26 ) බණ්ඩාරවෙල , උඩපේරුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර රීක්ෂණය හා බණ්ඩාරවෙල නගර ශාලාවේදි ජනතා ගැටලු භාරගැනිම සිදු කිරීමට නියමිතය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය - කේ. ඩී ලාල්කාන්ත ,මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා , කම්කරු අමාත්‍ය / ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - මහාචාර්ය අනිල් ජයන්ත මහතා, පරිසර අමාත්‍ය - වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ බලශක්ති අමාත්‍ය - කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදු කිරිමට නියමිතයි.