Monday, June 23, 2025
Follow Us
හලාවත විමල් උයන වත්තේ අක්කර 22 ක භූමි ප්‍රදේශයක අඹ වගාවක් ඇරඹෙයි

ඌණ උපයෝජන භූමි ප්‍රදේශයක්ව පැවති හලාවත වැවිලි සමාගමේ හලාවත කොටසේ විමල් උයන වත්තේ අක්කර 22 ක භූමි ප්‍රදේශයක TJC අඹ පැල 3500ක වගාවක් ආරම්භ කිරිම හා අඹ පැල රෝපණය කිරීම පසුගියදා සිදු විය.

මෙම අක්කර 22 ක භූමි ප්‍රදේශය හදුනාගෙන භූමි සැකසුම් ක්‍රියාවලිය මාර්තු මස ආරම්භ කළ අතර මේ වන විට ඉතා සාර්ථකව අඹ පැළ 3500ක් සිටුවා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ජල සම්පාදන සැකසුම් ක්‍රියාවලිය ද ආරම්භ කර ඇත.