Tuesday, February 10, 2026
Follow Us
"පුනරුදයට මඟ" මහනුවර ව්‍යාපෘතියක් ඇරඹේ

"පුනරුදයට මඟ" ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මෙම ව්‍යාපෘතිය යටතේ, නුවර දිගන ප්‍රධාන මාර්ගයේ සිට මල්ගහමුල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (21) ආරම්භ වූ  අතර මේ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානයක මහතාගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති මංජුල ඉහලගොල්ල මහතා, මහනුවර දිස්ත්‍රික් මහ දිසාපති ඉන්දික උඩවත්ත මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ද සහභාගී වූහ.