Tuesday, June 10, 2025
Follow Us
කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි

තිස් වසරක යුද ගැටුම් හේතුවෙන් විනාශ වී ගිය කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය නැවත යථාතත්තවයට පත් කර මේ වන විට දුම්රිය ධාවන කටයුතු ද යථාතත්තවයට පත්වී ඇති අතර තවදුරටත් පුළුල් සේවාවක් ඉටුකිරීමට ප්රවාහන අමාත්යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, කන්කසන්තුරෙයි ඉදිවන කර්මාන්තපුරය දක්වා මෙම දුම්රිය මාර්ගය දිගු කිරීමට කටයුතු කරන බව ඊයේ(08) කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයන යෙදුන ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය බිමල් රත්නායක මහතා ප්රකාශ කර සිටියේ ය.
 
ඒ තුළින් මගී ජනතාවට මෙන්ම භාණ්ඩ ප්රවාහනය සඳහා ද වැඩි පහසුකම් සැලසෙන බවත් දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමෙන් භාණ්ඩ ප්රවාහනයට වැඩි ඉඩක් ලබාදීම අපේක්ෂාව වුවත් මෙතෙක් මෙම දුම්රිය ස්ථානයේ භාණ්ඩ භාරගැනීම සහ ගබඩා කිරීම සඳහා පහසුකම් නොතිබුන බව ද සඳහන් කළේය. ඊයේ සිට ආරම්භ කරන ලද භාණ්ඩ ප්රවාහන කටයුතු හේතුවෙන් මහජනතාවට විශාල පහසුවක් හා ලාභදායී සේවාවක් බවට පත්වන බව ද මෙහිදී අමාත්යවරයා පැවසීය.