Sunday, June 08, 2025
Follow Us
පොසොන් සමයේ විශේෂ දුම්රිය සේවාවක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දියන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙහිදී එළඹෙන ජුනි 09 වන දින පෙරවරු 5.30 සිට පස්වරු 9.00 දක්වා කාලයේ දී දුම්රිය 09 ක් අනුරාධපුරය වෙත පැමිණේ. එයින් දුම්රිය දෙකක් පෙරවරු 5.25 ට සහ පෙ.ව. 8.55 ට බෙලි අත්තෙන් ගමන් ආරම්භ කරයි. ඉතිරි දුම්රිය කොළඹින් ගමන් ආරම්භ කර අනුරාධපුරයට ළඟා වේ.

ජුනි 10 වනදා බෙලිඅත්තේ සිට එක් දුම්රියක් හා කොලඹ කොටුවේ සිට දුම්රිය හයක් අනුරාධපුරයට පැමිණිමට නියමිතයි. එදින බෙලිඅත්තෙන් පැමිණෙන දුම්රිය ගමන් ආරම්භ කරන්නේ පෙරවරු 8.55 ට යි.

ජුනි 11 වනදා පෙරවරු 5.30 සිට පස්වරු 8.00 දක්වා දුම්රිය හයක් කොලඹ සිට අනුරාධපුරයට පැමිණිමට නියමිත අතර එදින තවත් දුම්රියක් බෙලිඅත්තෙන් පෙරවරු 8.55 ට ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇත.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යාමට ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. ඒ පිලිබදව තොරතුරු පොසොන් වන්දනා ජංගම යෙදවුම හරහා දැනගත හැකියි.