Thursday, June 05, 2025
Follow Us
වගා හානි තක්සේරු කිරීම් කටයුතු ඇරඹේ
පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැළුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
මෙහිදී වී,බඩ ඉරිඟු,අර්තාපල්,ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන්වලට සිදුවන හානි සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීම අවශ්ය නොවන අතර අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ. ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්ෂණ මුදල් නිදහස් කරනු ලබන බව එම මණ්ඩලය අවධාරණය කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබදව නිරන්තර අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
ආපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන්හි ජලය මේ වන විට ක්රමයෙන් බැස යාමට ලක් වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්රික් භාර අධ්යක්ෂවරුන් මේ වන විටත් දන්වා ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් දැනුවත් කිරීම සිදු කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.