1991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික ( Point Endamic) මත්ස්යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් කෑගල්ල, ගලපිටමඩ ප්රදේශයේ දී ඊයේ (02) සිදු කෙරිණි.
මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්රදේශයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්රිත රුක්රෝපන වැඩසටහනක් ක්රියාත්මක කිරීම මෙන්ම මෙම වැඩසටහනට සමගාමීව සංවිධානය කර තිබූ චිත්ර තරඟාවලියේ ත්යාග ප්රදානයන් ද මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.