Sunday, April 26, 2026
Follow Us
කෝටි 7ක හෙරොයින් තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

රෙදිපිළි වෙළඳාමක නිරත  බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි. 

හෙරොයින් ප්‍රවාහනය කළ වෑන් රථය, විද්‍යුත් තරාදි 6 ක්,ජංගම දුරකථන 7 ක්,රුපියල් ලක්ෂ පහක මුදලක් පොලිස්බාරයට ගෙන ඇත.

 මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ හතකට අධික බව පොලිසිය පවසයි. සැකකරු වයස අවුරුදු 25 ක්වූ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි අවිවාහක අයෙක් බව වැඩිදුරටත් වාර්තා වෙයි.