පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයකද වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බවද ඔහු පැවසීය.
මේ අතර පවතින තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (31) පියවර ගත්තේය.
ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සදහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.නිකුත් කළ එම නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා බලපැවැත්වේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ අංශය) කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.
.