Sunday, April 26, 2026
Follow Us
විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය එම විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

එවැනි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.