Tuesday, February 10, 2026
Follow Us
ක්ෂණිකව ස්ථානගතවිය හැකි ශක්තිමත් යතුරුපැදි බලඝනයක්
 
පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි පරිදි මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැලැක්විය හැකි ක්ෂණික ළඟාවීමක්, අවි බලයක් සහිත පොලිස් කණ්ඩායම් ක්ෂේත්රයට මුදාහැරීම දකුණු පළාතට කාලෝචිත අවශ්යතාවයක් බව හදුනාගෙන දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

 

 
එයට තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15 ක් ඇතුලත් අතර නිලධාරීන් 46 ක පමණ ප්රමාණයක් අනුයුක්ත වේ.
ඔවුන්ව දැනුවත් කිරීමේ හමුව දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්රධානත්වයෙන් මාතර සහ හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා, ගාල්ල සහ ඇල්පිටිය දිසාව භාර නියෝජ්ය පොලිස්පති ජගත් සේරම් මහතා, මාතර පොලිස් කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා සහ තංගල්ල කොට්ඨාස භාර උපුල සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල ශාලාවේදී සහ විිසිරයෑමේ අවස්ථාව මාතර කොටු දොරටුව අභියස පසුගියදා පැවැත්විණි..