Tuesday, February 10, 2026
Follow Us
නොමිලේ වාහන සුසර කිරීමේ( tuneup) කඳවුරක්

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය මෙවර 2025 මැයි 31ක දිනට යෙදී ඇත. ජූනි 05 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මෙම දිනය සමරනු ලැබේ.

මෙම දිනයට සමගාමීව වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් සහ ඉන්ධන කාර්යක්ෂමතාවය හා වායු දුෂණය පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් මැයි 31 දින පෙරවරු 10.00 පැවැත් වෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහි සමාරම්භක උත්සවය පාරිසරික අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව ඇත. ලස්සන රටක්, පිරිසිදු හුස්ම පොදක් යන තේමාව ඔස්සේ 5 වරටත් වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

-