ජගත් පරිසර දින සැමරුම ජුනි මස 05 වන දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව 2025.05.30 දින සිට 2025.06.05 දින දක්වා පරිසර සතියක් නම් කර තිබේ.
ඒ අනුව ජාතික පාරිසරික දින උත්සවය පදනම් කරගෙන පැවැත්වෙන පරිසර සතියට අදාළ වැඩසටහන් සම්බන්ධ අදහස් ලබා ගැනීම සඳහා පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පරිසරවේදීන්ගේ හමුවක් පසුගියදා (25) පරිසර අමාත්යංශයේ ශ්රවණගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ලංකාවේ පරිසරවේදීන් රැසක් සම්බන්ධ වූ අතර මීට පෙර පවත්වන ලද පරිසර දිනවලට වඩා වෙනස් අයුරකින් මෙවර පරිසර දිනය පැවැත්වීම සඳහා පරිසරවේදීන් විසින් අදහස් පළ කරන ලද අතර එම අදහස් ලබා ගනිමින් මෙවර පරිසර දිනය සැමරීමට සහ ඊට අදාළ වැඩසටහන් සංවිධානය කිරීමට අමාත්යවරුන් එහිදී එකඟත්වය ලබා දී තිබේ.
ඒ අනුව මෙම වසර තුළ පැවැත්වීමට නියමිත පරිසර දිනය පරිසර හිතකාමී ව්යාපෘතිවල ආරම්භක දිනයක් ලෙසත් ශ්රී ලංකාවේ වනාන්තර පද්ධතියට නව වනාන්තර එකතු කරන දිනයක් ලෙසත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.