Tuesday, February 10, 2026
Follow Us
අභාවප්‍රාප්ත නිළි රැජිණගේ අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රගය සහිතව ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ එතුමියගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් අද පැවැත්වෙන බවයි.

එමෙන්ම මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන බවද සදහන් වේ.